2019-2020 ශ්‍රි පාද වන්දනා වාරය වෙසක් පොහෝ දිනට පසු දින (08) දින අවසන් කරන බව ශ්‍රි පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක, ඌව පැල්මඩුල්ල ශ්‍රී රාජමහ විහාරස්ථානයේ විහාරාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙන්ගමුවේ ධම්මදින්න හිමියන් පැවැසූහ.
මාධ්‍යයට (10දා) දින විශේෂ ප්‍රකාශයක් කරමින් ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් කියා සිටියේ ශ්‍රි පාද උඩමළුවේ දිනකට සිව්වතාවක් තේවාවන් සහ පුදසිරිත් පවත්වන බවයි.
පුරා පසලොස්වක පොහෝ දිනයන් හි පෙර සිට සිදු කළ පරිදි විශේෂ පුජාවන් හයක් සිදු කරන බවද උන් වහන්සේ කියා සිටිහ.
ශ්‍රි පාද වන්දනාවාරය අවසන් වන තෙක්ම ශ්‍රී පාද උඩමළුවේ පැවැත්වෙන තේවාවන් සහ පුද පුජාවන් අතිතියේ සිට පවත්වාගෙන ආකාරයට සිදු කරන බවත්, වෙසක් පොහෝ දිනට පසු දින ශ්‍රි පාද උඩ මළුවේ තැන්පත් කර තිබෙන සදාතුක කරඩුව , සමන් දේවප්‍රතිමාව සහ දේවාභරණ පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රී පාද රජමහ විහාරස්ථානය දක්වා වැඩමකරවන බවද ශ්‍රී පාදස්ථනාධිපති හිමියන් පැවසූහ.