පොලිස් කොස්තාපල්වරයෙකුට පිහියෙන් ඇන පලා ගිය වෙලේ සුදාගේ සහෝදරයා රාජගිරිය ඔබේ සේ කරපුර ප්‍රදේශයේ නිවසක් තුළදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.
ගල්කිස්ස කොට්ඨාසයේ බස්නාහිර පළාත් බුද්ධි නිලධාරී පොලිස් කොස්තාපල් 86292 මලිත් නිලධාරියාට ලද තොරතුරකට අනුව එහි ගිය ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සහ බොරැල්ල පොලිස් නිලධාරීන්ගේ සහය මත සැකකරු අත්අඩංගුවට ඇත.
ගම්පොළ විධානලාගේ සුනිල් කුමාර නොහොත් තාජු නැමැති49 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ අයිස් මත්ද්‍රව්‍ය පානය කරමින් සිටියදීය.
ගල්කිස්ස පොලිස් ස්ථානයට අනුයුක්තව බඩෝවිට පොලිස් මුරපොලේ රාජකාරී කරනු ලබන පොලිස් කොස්තාපල්වරයකු මුරපොලේ ස්ථානාධිපතිවරයා හා තවත් නිලධාරීන් කීහිප දෙනෙකු සමග බඩෝවිට 3 වන අදියරේ ඉකුත් (15) පස්වරු පහට පමණ වැටලීම් රාජකාරියේ නිරතව සිටියදී මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටින බවට ලද තොරතුරකට අනුව වෙළේ සුදාගේ සහෝදරයා අත්අඩංගුවට ගැනීමට ගොස් තිබූ බව පොලිසිය සඳහන් කරයි.
ඒ සමගම සැකකරු කොස්තාපල්වරයා සමග පොර බදා ඇති අතර සමග පොර බැදිමේදී සැකකරු සන්තකයේ තිබූ තියුණු
ආයුධයකින් නිලධාරියාගේ උදරය හා වැලමිට ප්‍රදේශයට තුවාල සිදු කර පලා ගොස් තිබිණි.
පලා ගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ගල්කිස්ස මූලස්ථාන පොලිසියෙන් පොලිස් කණ්ඩායම් දෙකක් සහ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයෙන් පොලිස් කණ්ඩායම් දෙකක් බැගින් පොලිස් කණ්ඩායම් හතරක් යොදවා තිබිණි.
