මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙකු ලෙස සැලකෙන ගම්පොළ විධානලාගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදාට, ඔහුගේ බිරිඳට සහ තවත් කාන්තාවකට කොළඹ මහාධිකරණය විසින් බරපතල වැඩ සහිතව අවුරුදු 08 සිරදඬුවම් නියම කළේය.
හෙරොයින් මත්කුඩු ජාවාරම තුළින් උපයාගත් රුපියල් කෝටි ගණනක දේපළ සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගොනුකර තිබූ චෝදනාවලට වරදකරු වීම හේතුවෙන් මෙම සිරදඬුවම් නියම කළහ.