පොළොන්නරුව ප්රදේශයේ වෙඩි වැදීමකින් පුද්ගලයෙකු රෝහල් කර තිබේ.
වදුරන් පැන්නීම සඳහා සිය බලපත්ර සහිත බෝර 12 ගිනි අවිය රැගෙන ඉඩමේ යමින් සිටියදී පට පැටලී වැටීමේදී ගිනි අවිය ක්රියාත්මක වී මෙම පුද්ගලයාට වෙඩි වැදී ඇති බව ඔහුගේ බිරිද ප්රකාශයක් ලබා දෙමින් සඳහන් කළ බව පොලීසිය සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් පොළොන්නරුව පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.