වූහාන් නගරයේ සිටි සිසුන් සිය රට ගෙන්වා ගත් සිවුවන රට ලංකාවයි
පැමිණි සිසුන් දියතලාවට ...
දින 14 ක නිරෝධායන ක්‍රියාවලියට සෞඛ්‍ය අංශයන්ගේ පූර්ණ සහය
වූහාන් නගරයේ සිට පැමිණි සිසුන් අද (01දා) දහවල් දියතලාව යුධ හමුදා පුහුණු කඳවුරේ ස්ථාපිත විශේෂ නේවාසික මධ්‍යස්ථානය වෙත රැගෙන එනු ලැබිණ.
සිසුන් රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානය පෙරවරු 7.40 ට මත්තල රාජපක්ෂ අනතර් ජාතික ගුවන් තොටුපලට ළඟාවිය.
මේ සමගම වුහාන් නගරයේ සිටි සිසුන් සිය රටට රැගෙන ගිය සිවුවන රාජ්‍යය බවට ශ්‍රී ලංකාව පත්විය.
ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින උසස් මට්ටමේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ වත්මන් රජය කෙරෙහි චීන රජය තබා ඇති දැඩි විශ්වාසයත් හේතුවෙන් සිසුන් කඩිනමින් ගෙන්වා ගැනීමට හැකිවූ බව විදේශ සබඳතා අමාත්‍යාංශය පවසයි.
ජනාධිපතිවරයාගේ උපදෙස් මත ජනාධිපති කාර්යාලය, විදේශ සබඳතා අමාත්‍යාංශයෙ, බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, කොළඹ චීන තානාපති කාර්යාලය, සිවිල් ගුවන් සේවා අධිකාරිය, ශ්‍රි ලංකා යුධ සහ ගුවන් හමුදාව ගත් සාමූහික උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට හැකිවිය.
මත්තල ගුවන් තොටුපලට පැමිණි පිරිස අතර කුඩා ළමුන් සිවු දෙනෙක් වූහ. සියලූ දෙනා හැඳ සිටි අඳුම් වෙනුවට අළුත් ඇඟලූම් ලබා දීමෙන් පසු පූර්ණ සෞඛ්‍ය පරීක්ෂණයකට ලක් කෙරිණ.
ඔවුන් යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවට අනාවරණය කර ගැනීමෙන් අනතුරුව දියතලාව බලා රැගෙන යනු ලැබිණ. ඊට සනීපාරක්ෂක පහසුකම් සහිත සුඛෝපභෝගී බස් රථ යොදාගත් බව ශ්‍රී ලංකා යුධ හමුදාව පවසයි. යුධ හමුදාපතිවරයාගේ උපදෙස් පරිදි පැය 72 ක් වැනි කෙටි කාලයකදී දියතලාව යුධ අභ්‍යාස කඳවුරේ ස්ථාපනය කෙරුණු නේවාසික පහසුකම් ඇතුළු සියළු අවශ්‍යතා සම්පූර්ණ කෙරිණ.
යුධ හමුදාවේ හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අයත් වෛද්‍ය කණ්ඩායම් සහ මහජන සෞඛ්‍ය නිළදාරීන් ද නිරෝධායන ක්‍රියාවලිය අධීක්ෂණයට එක්ව සිටිති. දින 14 ක අධීක්ෂණයෙන් පසු සිසුන් දෙමාපියන්ට බාර දීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර තිබේ.
ඡායාරූප - රාහුල් සමන්ත




