මෙරට පළමු වරට සම්බා වී කිලෝවක මිල රුපියල් 130ක ආසන්නයට පැමිණ ඇති බවත් ඒ අනුව ගොවීන්ගේ වී අස්වනු සඳහා ඉහළ මිලක් මෙවර යල කන්නයේ දී ලැබී ඇති බවත් වී අලෙවි මණ්ඩලයේ සභාපති,නීතීඥ බුද්ධික ඉද්දමල්ගොඩ මහතා ප්‍රකාශ කළේය.
ඔහු පෙන්වා දුන්නේ වී අලෙවි මණ්ඩලය වී මිල දී ගැනීම ආරම්භ කිරීමත් සමග පුද්ගලික අංශය විසින් ඉහළ මිලකට වී මිල දී ගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි. ඒ අනුව රුපියල් 105-110ත් අතර පැවැති කීරි සම්බා වී කිලෝවක මිලද මේ වනවිට රුපියල් 130 ඉක්මවා ඇති බවද සභාපතිවරයා පැවසීය.
කෙසේවුවද යල කන්නයේ වී මිලට ගැනීමට රජය රුපියල් මිලියන 6000ක් වෙන් කර තිබුණද ගොවීන් විසින් මේවනතෙක් වී අලෙවි මණ්ඩලයට අලෙවි කර ඇත්තේ වී මෙට්‍රික් ටොන් ලක්ෂයක් පමණක් බව වී අලෙවි මණ්ඩලයේ වාර්තා පෙන්වා දෙයි.
රජය විසින් මෙවර යල කන්නයේ වී මිල දී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලයට රුපියල් මිලියන 6000ක මුදලක් ලබා දීමට තීරණයකරන ලද අතර එහි පළමු අදියර ලෙස රුපියල් මිලියන 500ක මුදලක් වී අලෙවි මණ්ඩලයටලබා දෙන ලදී.ඒ අනුව එම මණ්ඩලය විසින් ගොවීන්ගෙන් වී මිල දී ගැනීම සඳහා ගබඩා 36කට ආසන්න ප්‍රමාණයක් විවෘත කර ඇත.