මාතලේ දිස්ත්රික්කයේ වී අස්වැන්න නෙලීම ආරම්භ කිරීමත් සමඟ වී අස්වැන්න නෙළන භූතයා,සුනාමිය, සහ කොළ මඩින යන්ත්ර වලට අය කරන මුදල සීග්රයෙන් මෙම කන්නේ ඉහළ දැමීම නිසා ගොවීන් සිය අස්වනු නෙළා ගැනීම නිසාව දැඩි බාධා එල්ල වී ඇතැයි පවසති.
ඒ අනුව භූතයා නැමැති කොල මඩින යන්තරයට අක්කර එකක කොළ මැඩිම සඳහා රුපියල් 20000ක මුදලක් ලබා ගැනීම සිදුකරන බව මාතලේ දිස්ත්රික්කයේ ගොවීන් පවතී.
පසුගිය කන්නයේ කොළ මඩින යන්තරයට එක අක්කරයක වී අස්වනු නෙලීම සඳහා රුපියල් දාසිය දහසක පමණ මුදලක් අය කළ බවත් මෙවර රුපියල් හාරදහකින් එය ඉහළ දමා තිබෙන බව ඔවුහු පෙන්වා දෙති.
මේ මෙවන විට මාතලේ දිස්ත්රික්කයේ දඹුල්ල ,ගලේවෙල, නාවුල,,විල්ගමුවෙන්මන්ම ආදී, ගොවිජන සේවා බල ප්රදේශවල වී අස්වනු නෙළීම ආරම්භ කොට තිබේ.
එමෙන්ම කම්කරු කුලිය දිනකට රුපියල් 2500 දක්වා එක් ම්කරුවකු අයකරන බවද පවසන වී ගොවීන් තම අස්වැන්න නෙළා ගැනීම සඳහා යන පිරිවැය දරා ගැනීමට නොහැකි බවද පෙන්වා දෙති.
නියමිත වෙලාවට අස්වැන්න නෙළා නොගතහොත් වර්ෂාවට හසු වී අස්වැන්න විනාශ වෙන නිසාවෙන් බොහෝ ගොවීන් වැඩි මුදලට පවා භූත යන්ත්ර යොදාගෙන .අස්වනු නෙලීම සිදුකරන බවත් දිවා කාලයේ මෙන්ම රාත්රී කාලයේද වී අස්වැන්න ලබා ගැනීම සඳහා ගොවීන් දැඩිව වෙහෙසක් දරති.
මාතලේ දිස්ත්රික්කයේ වී මිලදී ගැනීමේ රජයේ වැඩපිළිවෙළ ක්රියාත්මක නොවන බවත් පෞද්ගලික වෙළෙන්දන් වී මිලදී ගැනීම මෙවන විට ආරම්භ කොට සම්බා වී කිලෝ එකක් රුපියල් 95ක් 110 ක් මිලකට නාඩු වි කිලොවක් රුපියල් අනුවත් අනුපහත් යන් මිලකටත් මිලදී ගැනීම සිදුවන බවද ගොවීන් කියති.
භූතයා නැමැති ගොයම් මදින යන්තරයේ මුදල් ගෙවීම සඳහා අඩුමුදලට වී අලවිකිරීමට පෙළඹී තිබෙන බව ගොවි නියෝජිතයෝ පෙන්වා දෙති.
ඉදිරියේදී වී වගාව කිරීම පිළිබඳව නැවත වරක් සිතා බැලීම කළ යුතු බවද පෙන්වා දෙන ගොවීන් කියා සිටින්නේ නිෂ්පාදන පිරිවැය අඩුකර දෙන්නේනම් ඉදිරියේදී වගා කිරීමට හැකි බවය එහෙත් මේ තරම් වියදමක් කන්නේ නම් වී ගොවිතැන සිදුකොට කිසිදු පලක් නැතැයි මාතලේ දිස්ත්රික්කයේ ගොවීන් පෙන්වා දෙති.