වී අලෙවි මණ්ඩලයට මේ වන විට සුළු වශයෙන් ගොවීන් වී ලබා දෙමින් තිබෙන බවත් අස්වැන්න නෙලන ප්‍රදේශවල වී ගබඩා විවෘත කර තිබෙන බවත් එම මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන් කළේය.
තවමත් වෙළෙඳ පොළට වි ලැබෙමින් පවතින්නේ සුළු වශයෙන් බවත් ඉදිරියේදි විශාල වශයෙන් වී ලැබීමට නියමිතව තිබෙන බවත් එම කාලය වන විට මණ්ඩලයට වී තොග ලබා දීමට කටයුතු කරනු ඇති බවත් හෙතෙම පැවසීය.
වී මිලදී ගැනීම සඳහා රජය විසින් මේ වන විට රුපියල් බිලියන පහක මුදලක් ලබා දී තිබෙන බවත් වී මිලදී ගැනීම සඳහා අදාළ මුදල් මුදා හැර තිබෙන බවත් අද කළ විමසීමකදී ඔහු සඳහන් කළේය.
ගොවීන් තවමත් වී අලෙවි මණ්ඩලයට වී ලබා දෙන්නේ සුළු වශයෙන් නිසා තවමත් වී මෙට්‍රික්ටොන් සියයක්වත් මණ්ඩලය මිලදී ගෙන නොමැති බවත් හෙතෙම පැවසීය.