ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සම්බන්ධ කරන තවත් ගුවන් සේවාවක් වන විස්තාරා ගුවන් සේවයේ මංගල ගුවන් යානය අද (19දා) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියේය.
ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට උදෑසන 10.10 ට විස්තාරා ගුවන් සේවයේ යූ.කේ.- 138 දරන ගුවන් යානය ගුවන් මගීන් 138 දෙනෙකු රැගෙන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි. මෙම ගුවන් ගමන සදහා එයා බස් වර්ගයේ ඒ.- 320 නියෝ වර්ගයේ නවතම ගුවන් යානයක් යොදවා තිබුණි .
මෙම ගුවන් සේවය දැනට සතියකට දින 03 ක් ඉන්දියාවේ නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපළ සහ ශ්‍රී ලංකාවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අතර ගුවන් ගමන් ධාවන කටයුතු සිදු කිරීමට නියමිත අතර , ඉදිරි මාස වල සතියේ දින 07 තුළම මෙසේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබේ.