කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනයට පාසල්, කාර්යාල, පොදු ස්ථාන හා වෙනත් ගොඩනැගිලි ආදිය විෂබිජහරණය කිරීම විද්‍යාත්මක පදනමක් නැත් ක්‍රියාවක් බවත් දැන් සිදුවන්නේ කාලය හා මුදල් නාස්තියක් බවත් වෛද්‍යවරු පවසති.
ඔවුන් මේ බව කියා සිටියේ විෂබිජහරණය හා කොවිඩ් 19 මැයෙන් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සංවිධානය කර තිබූ මාධ්‍ය සාකච්චාවකට එක්වෙමිනි.
කිසිඳු රටක් විෂබිජහරණය අනුමත කර නොමැති බවත් මුල් අවස්ථාවේදි විෂබිජහරණය කළේ ඒ පිළිබඳව අවබෝධය අඩු මට්ටමක පැවැති නිසා බවත් ඔවුහු පෙන්වා දුන්හ. විෂබිජහරණය මගින් පරිසරයට හිතකර ක්ෂ්රද්රජිවීන් විනාශ වෙන බත් ඉන් පරිසරයේ ආම්ලීකරණය වෙනස් විය හැකි බවත් එම වෛද්‍යවරු පැවැසුහ.
විශබීජනාශක ගලා යන ජලයට එක්විමේ ජෛව පද්ධතීන් විනාශවිමට ඉඩ ඇති බෙහෙවින් හානිකර ප්‍රතිඵලද අත්විය හැකි බවත් ඔවුහු පෙන්වා දුන්හ.
මුඛයෙන් පිටවන විශාල කෙළ බිඳිති මීටරයක පමණ දුර ගමන් කර පොළොව මත පතිත වෙයි. මෙසේ පතිත වන කෙළ බිඳිතිවල ආායු කාලය ඉතා අඩු බවත් මෙතෙක් සොයාගෙන ඇති ආකාරයට කොරෝනා වෛරසයෙන් වැඩිම ජීවකාලයක් පවතින්නේ ලෝහ මතුපිට බවත් ඔවුහු සඳහන් කළහ.
ඒ අනුව පොළොව මත පතිත වන වෛරසය විනාශ කිරිම සඳහා විෂබීජනාශක භාවිතයෙන් ව්‍යාප්තිය පාලනය නොවන බවත් වෛද්‍යවරු පැවැසූහ.
වඩාත් වැදගත්වන්නේ නිසි ප්‍රමිතියෙන් යුත් මුඛ ආවරණ නිසි අයුරින් පැළදීම, පුද්ගලයන් අතර පරතරය මීටරයක දුරින් පවත්වාගෙන යාම, සබන් යොදා අත් සේදීම, සංවෘත ස්ථානවල ගැවැසීම අඩු කිරීම, කොවිඩ් මර්දන එන්නත් දෙකම ලබා ගැනීම බව වෛද්‍යවරු වැඩිදුරටත් පැවැසූහ.
මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ විෂබීජ විද්‍යාව පිළිබඳ උපදේශක වෛද්‍ය ජූඩ් ජයමහ, දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ක්ෂුද්රජීව විද්‍යා විශේෂඥ වෙද්‍ය ශිරාන් චන්ද්‍රසිරි, ශ්‍රී ලංකා ශ්වසන රෝග වෛද්‍යවරුන්ගේ සභාවේ සභාපති වෛද්‍ය ගීතාල් පෙරේරා යන මහත්ම මහත්මීහු එක්වූහ.