ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබා ගැනීම සඳහා විශාල ඉල්ලුමක් සමාජයේ පවතින බැවින් ඊයේ පැවති ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකමිටු රැස්වීමේදී මෙම පාසල් සංඛ්‍යාව 1,000 දක්වා වැඩි කරන ලෙස දැනුම් දෙන ලදී.
මෙම කාර්යය කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා අළුතින් ගුරුවරුන් 2,500කගේ සේවය ලබා ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී උපදෙස් ලබා දුන් අතර මෙම ක්‍රියාවලිය ආරම්භ කිරීමේ හදිසි අවශ්‍යතාවය සලකා බලා ඉංග්‍රීසි මාධ්‍යයෙන් විෂයයන් ඉගැන්විය හැකි සුදුසුකම්ලත් විශ්‍රාමික ගුරුවරුන් 1,000ක් වසර 3ක කොන්ත්‍රාත් කාලයක් සඳහා කඩිනමින් බඳවා ගැනීමටද, ඒ අතර තුර, විවෘත තරඟ විභාගයක් මඟින් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්විය හැකි උපාධිධාරීන් 1,100ක් අදියර වශයෙන් බඳවා ගැනීමටද උපදෙස් දුන්නේය.
දැනට ඉංග්‍රීසි මාධ්‍යයෙන් ගුරුවරුන් පුහුණු කරනු ලබන විද්‍යාපීඨයන්ගෙන් පුහුණුව ලබා පිටවීමට නියමිත විද්‍යාපීඨ ගුරුවරුන් 400ක්ද මෙයට අන්තර්ගතවනු ඇත.
ඉන්ද්‍රමූර්ති ජයසූරිය