ලබන 17 දා සිට විශ්වවිද්‍යාල අධ්‍යන කටයුතු සුපුරුදු පරිදි ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවැසීය.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
“ලබන 17 සඳුදා සිට විශ්වවිද්‍යාල සුපුරුදු පරිදි අධ්‍යන කටයුතු සඳහා යොමුවෙනවා. ජුලි මස 15 දා සිට වෛද්‍ය පීඨ වල අවසන් වසර විභාග වලින් ආරම්භ කර ක්‍රමානුකූලව අවසන් වසර තුන්වැනි වසර විභාග දක්වා කටයුතු කරගෙන ආවා.
ඒ සියල්ලම අතිශය සාර්ථක වුණා. අන්තර්ජාලය හරහා දරුවන්ට උගන්වන්න කරපු සැලසුම සාර්ථකයි. දරුවනුත් කුමන බාධක තිබුණත් කෙසේ හෝ අධ්‍යන කටයුතු සඳහා යොමුවුණා.
නේවාසිකා ගාරවල මෙතෙක් එක් කාමරයක එක් දරුවෙක් පමණයි රැඳවූයේ. මෙතැන් පටන් ඒකට සීමාවක් නෑ. සාමාන්‍ය පරිදි කරගෙන යන්න පුළුවන්”