විවිධ පවුල්වල හා විවිධ ප්‍රදේශවල අය එකම වාහනයක ගමන් කරනවානම් මුහුණු ආවරණ පැළදිය යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
එකම පරිශ්රයක ජීවත්වන ජෛව බුබුලක සාමාජිකයන් නොවන හෙයින් මේ අනුව මුහුණු ආවරණ පැළදිය යුතු බව ඔහු සඳහන් කළේය.
මේ පිළිබඳව සළකා බැලීමේ විශේෂ මෙහෙයුමක් ඊයේ දිනයේදී බස්නාහිර පළාතෙන් පිටවන ස්ථාන කිහිපයකදී සිදුකර ඇති අතර එහිදී පුද්ගලයන් 1000කට අධික සංඛ්‍යාවක් පරීක්ෂාවට ලක්කර තිබේ.
මෙහිදී පුද්ගලයන් 250කට ආසන්න සංඛ්‍යාවයක් ඉහත ආකාරයට මුහුණු ආවරණ පළඳමින් කටයුතු කර නොමැති බවට අණාවරණය වී තිබේ. ඔවුන්ව මේ පිළිබඳව දැනුව්ත කිරීමෙන් පසුව මුදා හර තිබේ.
එසේම මගී ප්‍රවාහන බස් රථවල මගීන් රැගෙන යාමේදී ආසන ගණනට පමණක් මගීන් රැගෙන යා යුතු බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.