දැඩි වියළි කාලගුණික තත්ත්වය හා මේ දිනවල අලුයම් කාලයේ පවතින සීතල හේතුවෙන් උඩරට එළවළු වගා බිම් රැසක් විනාශවීමේ අවදානමට ලක්ව ඇතැයි උඩරට එළවළු ගොවීහු පවසති.
ඩයගම, ආගරපතන, හෝල්බෲක්, මනරාසිය හා ඒ ආශ්රිතව වතුවල වගා කොට ඇති කුඩා පරිමාණයේ එළවළු වගා බිම් මෙසේ විනාශවීයාමේ අවදානමට ලක්ව ඇති බවත්, පවතින වියළි කාලගුණික තත්ත්වය බෝංචි වගාවන්ට දැඩි ලෙස බලපා ඇතැයි ඔවුහු සඳහන් කරති.
බෝංචි වගාවන් රැසක් මේ වනවිටත් කොළ වියළී ගොස් විනාශ වී යමින් පවතින බවත්, දැඩි ආර්ථික අපහසුතා මැද්දේ ඉතාමත් අසීරුවෙන් වගා කොට ඇති එළවළු වගාවන් මෙසේ විනාශවීයාම හේතුවෙන් තමන් දැඩි ආර්ථික දුෂ්කරතාවයන්ට ලක්ව ඇති බවද උඩරට එළවළු ගොවීහු වැඩිදුරටත් පවසති.
ශාන් හුලංනුගේ