පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ මහෙස්ත්‍රාත් ප්‍රසන්න ද අල්විස් මහතා අද (19දා) වරෙන්තු නිකුත් කළේය.
එක්සත් ජාතීන්ගේ මානව හිමකම් කොමිසමේ එවක හිටපු මහ මහ කොමසාරිස් සෙයිද් අල් හුසෙන් කුමරුගේ ශ්‍රී ලංකා සංචාරයක මාර්ගය හරස් කරමින විරෝධතා පැවැත්වීම සමබන්ධයෙන් වන නඩුවට අදාළව අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහුට මෙසේ වරෙන්තු නිකුත් කළේය.
2016 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේ දී කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කිරීම තුළින් මහජන පීඩාවක් සිදුකළේ විමල් වීරවංශ චෝදනා ලබා සිටී.
මෙම නඩුවේ තවත් විත්තිකරුවකු වන වීරකුමාර දිසානායක මහතා ද අධිකරණයේ පෙනී නොසිටි අතර ඔහු වෙනුවෙන් නීතිඥවරයා විසින් වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළේය.