කෘෂිකර්ම ක්ෂේත්රයෙහි රැකියා සඳහා තරුණ තරුණියන්ට කොරියාවට යෑමේ හැකියාව පිළඳව සාකච්ජා කරමින් තිබෙන බවත්, විභාගයක් නොපවත්වා එරටට යැවීමේ කිසිදු ගිවිසුමකට එළඹ නැති බවත් කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා මුදල් එකතු කළ ජාවාරම්කරුවන් කිහිප දෙනෙකුම අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවත්කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.
"මගෙන් පටන්ගමු ජයගමු ශ්‍රී ලංකා' හම්බන්තොට වැඩසටහන අඟුණුකොළපැලැස්ස බන්ධනාගාර ක්‍රීඩාංගණයේදී ආරම්භ කරමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
විගමනික ශ්‍රමික ප්‍රජාව සඳහා පහසුකම් සැපයීම හා විදෙස්ගත වීම බලාපොරොත්තු වන මෙරට තරුණ තරුණියන් නිවැරදිව විදෙස්ගත වන ආකාරය පිළිබඳව දැනුවත් කිරිම ඇතුළු වැඩසටහන් රැසක් 10 හා 11 දෙදින අඟුණකොළපැලැස්ස බන්ධනාගාර ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.එම උත්සව සභාව අමතමින් අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.
& විදෙස් විනිමය ගේන්න මේ රටේ තරුණ තරුණියන්ට අවස්ථාව උදා කර දීම තමයි අපේ බලාපොරොත්තුව.ඒ අනුව තමයි කොරියාවට විභාගයකින් තොරව අපේ තරුණ තරුණියන් යොමුකළ හැකිද යන්න පිළිබඳව සොයා බලමින් ඉන්නේ.කොරියාවට රැකියා සඳහා අපේ තරුණ තරුණියන් යවන්න සුදාම් වෙනවා කියනකොටම ඇතැම් ජාවාරම්කාරයන් අපේ නම් විකුණගෙන විවිධ ප්‍රදේශවල මුදල් එකතු කිරිම් කරපු බවට වාර්තා වුණා. විභාගයකින් තොරව දැනට කොරියාවේ රැකියාගත කිරීමේ කිසිදු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙන්නේ නෑ .ඒ නිසා විවිධ ජාවාරම්කාරයන්ට මුදල් දීලා හසුවෙන්න එපා.එවැනි පුද්ගලයන් පිළිබඳව ඔබ දන්නවා නම් වහාම අපිට ඒ පිළිබඳව දැනුම් දෙන්න.
දැනට විභාගයක් නොමැතිව කොරියාවට යන්න අවස්ථාව තියෙන්නේ වෑද්දුම් ශිල්පීන්ට පමණයි.එයත් කොරියානු විශේෂඥයන් ඉදිරියේ සම්මුඛ පරීක්ෂණයකට පෙනී සිටිමෙන් අනතුරුව.අද වන විට ලංකාවේ තරුණ තරුණියන් වැරදි ක්‍රම ඔස්සේ රට යවන ජාවාරම් හැම තැනම ක්‍රියාත්මක වෙනවා..මේ තත්වය නැවැත්වීමට අමාත්‍යාංශය විදියට අපි ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගනිමින් තියෙනවා. මගේ යාළුවෝ,මගේ නැදෑයෝ කිය කියා ඇතැම් අය මුදල් එකතු කරලා තියෙනවා. එහෙම කවුරු හරි සල්ලි එකතු කරනවා නම් වහාම ඒ පිළිබඳව මගෙනුත් අහන්න.මාවත් දැනුවත් කරන්න.ඒ නිසා මේ වෙකොට රට වටේම ලක් අම්මල,ලක් තාත්තල බිහිවෙමින් යනවා.ඒ නිසා දැන් අපිට වෙලා තියෙන්නේ මෙන්න මේ වගේ මිනිස්සුන්ගෙන රට බේරගන්නයි.
හාන්සි වෙලා තිබ්බ රට අද වන විට යම් තත්වයකට නැගිටලා තියෙනවා.ඉතින් අපි කළ යුතු වන්නේ මෙය තවත් ස්ථාවර මට්ටමකට ගේන එකයි.ඒ නිසා තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපති තුමා හැමෝටම ආරාධනා කළේ එන්න අපි එකතුවෙලා රට ගොඩ නගමු කියලා.බොහෝ කයිය නායකයන්ට ඕනෙ වෙලා තියෙන්නේ තම පක්ෂය ගොඩ නගා ගන්න,තමන්ගේ පුද්ගල ප්‍රතිරූපය ගොඩ නගා ගන්න මිසක් රට ගොඩ නගන්න නෙමෙයි.සමගි ජනබලවේගයේ බොහේ පසුපෙළ මන්ත්‍රීවරුන් ප්‍රමාණයක් මේ වන විටත් මේ රට ගොඩනගන කටයුත්තට එකතු වෙන්න සහාය පළකරලා තියෙනවා"