විපක්ෂයේ පක්ෂ නායක හමුවට අවසර ලබා නොදීම සම්බන්ධව විරෝධය පළ කරන බවත් එය හෙළා දකින බවත් සඳහන් කරමින් සමගි ජනබලවේගය වැඩබලන පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.
ජනාධිපතිවරයා සමග වූ හමුවේදීත්, සර්ව පාක්ෂික හමුවේදීත් ඒ පිළිබඳව සහයෝගය ප්‍රකාශ කළ බවත්, ක්‍රියාවෙන්ද එය සනාථ කළ බවත් ලිපියේ සඳහන් වේ.
කෙසේ වෙතත් මේ ව්‍යසනය මොහොතේ පවත්නා යම් යම් ගැටලු සහගත තත්ත්වයන් සහ ඒ සඳහා මැදිහත්වීම පිළිබඳව සාකච්ඡාවක් හා විශේෂ මාධ්‍ය හමුවක්,පැවැත්වීම සඳහා පොලිස්පතිවරයා විසින් අනුමැතිය නොදීම සම්බන්ධයෙන් බලවත් විරෝධය පළ කරන බවත් එය හෙළා දකින බවත් සමගි ජනබලවේගය සඳහන් කරයි.
මේ ව්‍යසනකාරී මොහොතේත් වගකිවයුතු පක්ෂ නායකයින් ලෙසත් වගකිවයුතු පුරවැසියන් ලෙසත් කටයුතු කරන බවත්, සාකච්ඡා සඳහා හමුවීමට අනුමැතිය නොලද නමුත් ආණ්ඩුවේ ප්‍රධානීන්,හිටපු මන්ත්රීවරුන්ව කැඳවා සාකච්ඡා පවත්වන අයුරු දැකගත හැකි වූ බවත් සමගි ජනබලවේගය චෝදනා කරයි.
පොලිස්පතිවරයගේ 'අවසර නොදීමේ ලිපිය'හරහා එකී කාර්යභාරය නොසලකා හැරීම,සහ එම කාර්යාභාරයට එදිරිව යාම කෙරෙහි විමතියටත් තිගැස්මටත් ලක් වූ බවත්, එම තීරණය ප්රජාතන්ත්රවාදයට එල්ල කළ අත්තනෝමතික මරු පහරක් බවත්, එය රට ඒකාධිපති දිශානතියකට රැගෙනයාමේ ක්‍රියාන්විතයේ එක් අවස්ථාවක් ලෙස දකින බවත් සමගි ජනබලවේග තවදුරටත් සඳහන් කරයි.