කොළඹ සිට නුවරඑලිය දක්වා විදේශිකයන් දෙදෙනෙකු ගමන් ගත් ත්රිරෝද රථයක් අනතුරට පත්විමෙන් ත්රිරෝද රථයේ ගමන් ගත් ස්ලොවැකියා ජාතිකයන් දෙදෙනෙකු තුවාල ලබා වටවල ප්රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති බව වටවල පොලිසිය පැවසිය.
මෙම අනතුර සිදු වි ඇත්තේ (26) දින පස්වරු 3 ට පමණ හැටන් කොළඹ ප්රධාන මාර්ගයේ වටවල කුයිල්වත්ත ප්රදේශයේදිය.
කුලි පදනම මත ලබාගත් ත්රිරෝද රථයෙන් ගමන් කරමින් සිටි විදේශිකයන් දෙදෙනාගෙන් එක් අයෙකු ත්රිරෝද රථය ධාවනය කර ඇති අතර, අධික වේගයෙන් ධාවනය කර ඇති ත්රිරෝද රථයේ වේගය පාලනය කරගත නොහැකිව ත්රිරෝද රථය මාර්ගයෙන් ඉවතට පැන තේ වත්තට පෙරලි මෙම අනතුර සිදු වි ඇති බවයි වටවල පොලිසියේ නිලධාරින් කියා සිටියේ.
තුවාලකරුවන් දෙදෙනාගේ තත්ත්වය බරපතල නොවන බවත්, අනතුරෙන් ත්රිරෝද රථයට දැඩි අලාභ හානි සිදු වි ඇති බවයි වටවල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක චන්දන ගමගේ මහතා කියා සිටියේ.




