ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පැමිණෙන විදෙස් ජාතිකයන් (පිරිමි හා කාන්තා) විසින් මෙරටදී ත්‍රීරෝද රථ පැදවීමේ ප්‍රවණතාවය ඉහළ ගොස් ඇති බවත් පසුගිය කාලයේදී මේ සම්බන්ධව සිදුවූ මාරක/බරපතල හා අනෙකුත් අනතුරු ඉහළ ගොස් ඇති බවට නිරීක්ෂණය වී ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
මේ පිළිබඳව අවධානය යොමුකිරීමේදී මෙම අනතුරුවලට අදාළව රිය පදවන ලද විදේශීය ජාතිකයන් සඳහා ත්‍රීරෝද රථ පැදවීම සඳහා බලපත්‍ර නොමැති වීම හා පුහුණුවක් නොමැතිවීම මෙම අනතුරු සිදුවීමට හේතු වී ඇති බවද පොලිස් මූලස්ථානය පවසයි.
විදේශිකයෙකුට මෙරටදී වාහන පැදවීම සඳහා
1. මෙරට වලංගු රියදුරු බලපත්‍රය.
2. මෙරටට වලංගු ජාත්‍යන්තර රියදුරු බලපත්‍රය.
3. ඔහුගේ රටේ රියදුරු බලපත්‍රය (මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර ලබා ගත් පරිවර්ථන සහතිකය)
තිබිය යුතු අතර ජාත්‍යන්තර රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී ත්‍රීරෝද රථ පැදවීම සඳහා වලංගු පංතියක් ඇතුළත් කරනු නොලබයි.