විදේශීය සංචාරකයන් ගමන් කරමින් තිබූ වාහන තුනක් හා ලොරි රථයක් දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ දඹුල්ල පැල්වෙහෙර ප්‍රදේශයේදී 19 දින අනතුරකට ලක්ව එක් විදේශීය කාන්තාවක මියගොස් තවත් විදේශිකයන් පස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි දඹුල්ල පොලිසිය කියයි.
මෙසේ අනතුරට ලක්ව ඇත්තේ විදේශිකයන් ගමන් කරමින් තිබූ ත්‍රිරෝද රථ දෙකක් මෝටර් රථයක් සහ සිමෙන්ති ප්‍රවාහනය කිරීම සඳහා යොදවා ගත් ලොරි රථයක් බව පොලිසිය සඳහන් කර සිටී අනතුරින් එක් ත්‍රිරෝද රථයක ගමන් කරමින් සිටි නෙදර්ලන්ත ජාතිකාන්තාවක් වන විලියම් වික්නි අන්තෝනියා අය මියගොස් තිබේ.
දඹුල්ල හබරන ප්‍රධාන මාර්ගයේ පැල්වෙහෙර ප්‍රදේශයේ දී ප්‍රංශ ජාතිකණ්ඩායමක් රෝද රථයකින් ගමන් කරමින් සිට තිබේ. එම ත්‍රීරෝද රථය විරුද්ධ දෙසින් පැමිණි තවත් විදේශිකයන් ප්‍රවාහනය කරන මෝටර් රථයක ගැටෙනවාත් සමඟ අනතුරෙන් බේරීම සඳහා පිටුපසින් පැමිණි පිරිමි දෙදෙනෙක් සහ කාන්තාවන් දෙදෙනෙකු ගමන් කරමින් සිටි නෙදර්ලන්ත ජාතිකයන් ගමන් කරමින් තිබුණු ත්‍රි රෝද රථය ඉස්සර කිරීමට යද්දී ඉදිරියෙන් පැමිණි ලොරි රථයේ මුහුණට මුහුණ ගැටී අනතුර සිදුවී ඇතැයි පොලිසිය කියයි.
නෙදර්ලන්ත ජාතිකයන් අඹුසැමි සිව් දෙනාම බරපතල තුවාල ලබා මේ වන විට එක් කාන්තාවක මිය ගොස් අනෙක් තිදෙනා දඹුල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය සඳහන් කරයි
එමෙන්ම ප්‍රංශ ජාතිකයන් එකම පවුලේ මව දියණිය සහ කුඩා දරුවන් දෙනෙකු සුළු තුවාල ලබා ඔවුන් ප්‍රතිකාර නොලබා පිටව ගොස් ඇතැයි පොලිසිය සඳහන් කළේය .
අනතුරට පත් වාහන සියල්ල පොලිස් භාරයට ගෙන තිබේ, සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල පොලිසිය මෙන්ම සංචාරක පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබයි එමෙන්ම මියගියා විදේශීය කාන්තාවගේ දේහය පිළිබධව අවශ්‍ය කටයුතු කිරීම සඳහා දඹුල්ල සංචාරක පොලිසියේ ස්ථානාධිපතිනිි උප පොලිස් පරීක්ෂිකා එස් .කේ . හේරත් මහත්මිය ඇතුළු කණ්ඩායමක් රෝහලට ගොස් එම අයගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට උත්සාහ කළ ද ඔවුන් දැනි අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව පොලිසිය සඳහන් කළේය.