විදේශ රැකියාවක් සදහා ගිය තරුණයකු එම සිහිනය බොදවි නැවත දිවයිනට පැමිණීමේන් පසු දැඩි ලෙස කළකිරීමට පත්ව 23 හැවිරිදි තරුණයකු සිය නිවසෙදි ගෙල වැලලාගෙන මරණයට පත්ව ඇති බව පුත්තලම මූලස්ථාන පොලිසිය 2 දින පැවසිය.
මෙසේ මරණයට පත්ව ඇත්තේ පුත්තලම නාගුර් මස්ජීද් මාවතේ පදිංචිව සිටි 23 හැවිරිදි මොහොමඩ් හසාම් මොහොමඩ් අම්ජීත් නැමති තරුණයකු බව කියයි.
මෙම තරුණයා කටාර් රාජ්‍යයේ විදේශ රැකියාව සදහා පිටත්ව ගොස් ඇත්තේ මිතුරන්ට හා ඥාතින්ට රුපියල් ලක්ෂ අටකට ආසන්න මුදලක් ණය වී බව කියයි.
කෙසේ නමුත් එසේ ණය විදේශ රැකියාවක් සදහා පිටත්ව ගොස් ඇතත් එහිදි තමන්ට නිසි රැකියාවක් නොලැබිම හේතුවෙන් විදේස් ගතවු රටේහි අසරණ වී සිටියදි නැවත මව්පියන්ද දහඅත නැවත ණය වී මෙම තරුණයාව දිවයිනට ගෙන්වා ගෙන ඇති බව කියයි.
එහිදි තරුණයා විදේස් ගත විමට හා නැවත ගෙන්වා ගැනිමට රුපියල් ලක්ෂ එකොලහකට ආසන්න මුදලක් වැය වි ඇති බවත් එය ගෙවා ගැනිමට නොහැකි විමේන් දැඩි ලෙස කනස්සල්ලෙන් සිට ඇති බව පවුලේ ඥාතින් පවසයි.
එසේ සිටි තරුණයා නිදා ගැනිමට යන බව පවසා නිවසේ ඔහුගේ කාමරය තුලට වී ගෙල වැලලාගෙන සිය දිවි නසා ගෙන ඇති බව කියයි.
තම පුතු දිගු නින්දක සිටිම ගැන මව විපරම් කර ඇති අතර දොරගුළු ලා කථා නොකර සිටිම ගැන සැක සිති දොරළුගු කඩා දමා බලන විට කාමරයෙ බාල්කයක එල්ලි සිය දිවි නසා ගෙන සිටි බව කියයි.
එල්ලි සිටි තරුණයා පියා හා ප්‍රදේශවාසින් එක්වි ලිහා පුත්තලම මූලික රෝහලට රැගෙන ගොස් තිබුනද ඒ වනවිටත් මරණයට පත්ව සිටි බව වෛද්‍යවරුන් නිගමනය කර තිබේ'
අදාල සිද්දිය වු නිවසට පැමිනි පුත්තලම හදිසි මරණ පරික්ෂක බදුර්දින් හිසාම් මහතා මෙම මරණය සම්බන්ධව ස්ථානිය පරික්ෂණය සිදුකර පශ්චාත් මරණ පරික්ෂණය සදහා පුත්තලම මූලික රෝහලේ විශේෂඥ අධිකරණ නිළධාරී වරයාට යොමු කිරීමට පොලිසියට දැනුම් දී තිබුනී. සිද්දිය සම්බන්ධව පුත්තලම මූලස්ථාන පොලිසිය වැඩි දුර විමර්ශන පවත්වයි.