විදේශිය රටවල සිට මෙරටට පැමිණි ශ්‍රි ලාංකිකයින් 1051 දෙනෙකු පමණ මේ වනවිට ගාල්ල දිස්ත්‍රික්කයේ කොග්ගල හා කොස්ගොඩ යන පිහිටි හෝටල් කිහිපයක ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටින බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.
මාලදිවයින, ඉන්දියාව, ඩුබායි, ඕස්ට්‍රේලියාව යන රටවල සිට පැමිණි ශ්‍රිලංකිකයින් මෙකි හෝටල්වල යුද හමුදාවේ අධික්ෂණය යටතේ ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටින බවද හෙතෙම පවසයි.
මාලදිවයිනේ සිටි පැමිණි ශ්‍රිලංකිකයින් 491 දෙනෙකු, ඉන්දියාවේ සිට පැමිණි ශ්‍රිලංකිකයින් 163 දෙනෙකු ඩුබායි සිට පැමිණි ශ්‍රිලංකිකයින් 142 දෙනෙකු, ඔස්ට්‍රේලියාවේ සිට පැමිණි ශ්‍රිලාංකිකයින් 255 දෙනෙකු මෙකි හෝටල්වල ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටින බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.
මොවුන් මෙරටට පැමිණෙන විට ගුවන්තොටුපොළේදි පි.සි.ආර්. පරික්ෂණවලට යොමුකිරිමෙන් පසු ස්වයං නිරෝධායනය සදහා මෙකි හෝටල්වෙත යොමුකොට ඇති බව ද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි. දින 14කින් පසු මොවුන් නැවත වතාවක් පි. සි.ආර්. පරික්ෂණවලට යොමුකරන බවත් සංචාරක නියෝජිත ආයතන මගින් ඒ සදහා පුද්ගලික ඇණවුම්කොට ඇති අතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින්ගේ, ක්ෂේත්‍ර මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ අධික්ෂණය යටතේ එම කටයුතු සිදුකරණ බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි. නිවෙස්වලට ගිය පසුවද මෙවුන් යලිත් දින 14ක් ස්වයං නිරෝධායනයට ලක්විය යුතු බවද හෙතෙම පවසයි.