අනුරාධපුරයට ආසන්න ප්‍රදේශයක විහාරාධිපතින්වහන්සේ නමක හා පොලිස් සැරයන්වරයෙකු විසින් ඊශ්‍රායලයේ විදේශ රැකියා ලබා දීම සඳහා මුදල් අය කිරීමේ සිද්ධියක් පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිලි ලැබී ඇතැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.
මේ අනුව එම විහාරාධිපතින් වහන්සේ සහ පොලිස් ස්ථානයක සැරයන්වරයෙකු විසින් අනුරාධපුරය ආසන්නයේ විහාරස්ථානයකට විදේශ රැකියා අපේක්ෂකයන් හයසියයක් පමණ ගෙන්වාගෙන ඔවුන්ගේ වෛද්‍ය පරීක්ෂණ සහ රුධිර පරීක්ෂණ සඳහා මුදල් අය කර ගැනීමක් පිළිබඳව එම පැමිණිලිවලින් තොරතුරු ලැබී ඇතැයිද මනූෂ නානායක්කාර මහතා පැවසීය.
මේ පිළිබඳව අනුරාධපුරය ආශ්‍රිතව පාර්ශ්වයන්ගෙන් තොරතුරු ලැබී ඇතැයි කී මනූෂ නානායක්කාර මහතා ඉදිරි විමර්ශන සඳහා මේ ගැන නිසි පැමිණිලි ඉතා ඉක්මනින් අවශ්‍ය බැවින් මේ වංචාවකට අසුවී ඇති අය ඇත්නම් වහාම විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිළි ඉදිරිපත් කරන ලෙසද අවධාරණය කළේය.
විදේශ රැකියා ලබාදෙන බව පවසමින් නීති විරෝධී ලෙස මුදල් එක් කරන පුද්ගලයින් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන්නැයි තමා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන අංශයට දැඩි නියෝගයක් කළ බවද ඒ මහතා සඳහන් කළේය.
ජයරත්න ඉඳුරුව