විදෙස්ගත ශ්‍රමිකයන් 12,000කට ආසන්න පිරිසක් අද (21) වන විට දිවයිනට පැමිණ ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන,ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
ඊයේ ( 20 ) පමණක් විදෙස්ගත ශ්‍රමිකයන් 410 දෙනෙකු කටුනායක ගුවන්තොටුපලෙන් දිවයිනට පැමිණ තිබේ.
ගුවන්යානා 5කින් මෙම 410 දෙනා දිවයිනට පැමිණි බව ඇමතිවරයා සදහන් කරයි.
මේ වනවිට රටවල් 21කින් විදෙස්ගත ශ්‍රමිකයන් දිවයිනට ගෙන්වාගෙන ඇති අතර ඔවුන් සියලුදෙනා නිරෝධායන සඳහා යොමුකර ඇත.ගුවන්තොටුපොල තුළ පී.සී.ආර් පරීක්ෂණ ආරම්භ කිරිමේන් අනතුරුව එලෙස පී.සී.ආර් පරීක්ෂණ වලට ලක් වූ ගුවන් මගීන් පිරිස 2000කට අධිකය.
අද දිනය තුළ මාලදිවයින සිට ශ්‍රී ලාංකිකයන් 255ක් හා ඕස්ට්‍රේලියාවේ සිට ශ්‍රී ලාංකිකයන් 50 දෙනෙකුද දිවයිනට පැමිණි බව පැවසූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා ජූලි මාසය අවසන් වීමට පෙර විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් සියලුදෙනා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට රජය අපේක්ෂා කරන බවද පැවසීය.