මේ වසරේ ජුලි මාසය හා සැසදීමේදී අගෝස්තු මාසයේදී විදෙස් ශ්‍රමික ප්‍රේෂණ සියයට 16.4කින් ඉහළ ගොස් ඇතැයි විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.
ඒ අනුව ජුලි මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 279ක් වූ විදෙස් ශ්‍රමික ප්‍රේෂණ අගෝස්තු මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 325ක් දක්වා ඩොලර් මිලියන 46කින් ඉහළ ගොස් ඇතැයි ඔහු සිය ට්විටර් ගිණුමෙන් පවසයි.
මේ ආකාරයට ශ්‍රී ලංකාවට ප්‍රේෂණ එවීමට කටයුතු කළ සෑම ශ්‍රී ලාංකිකයෙකුටම ස්තූතිය ප්‍රකාශ කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සිය ට්විටර් ගිණුමෙන් පවසයි.