මෙම වසරේ පෙබරවාරි මස අවසන් වන විට විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ 16.3% කින් ඉහළ ගොස් ඇති අතර පෙබරවාරි මසට අදාළ විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලද ප්‍රේෂණ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 548.1ක් වේ.
ඒ අනුව 2024 වසරේ මුල් මාස 02 තුළ ලද ප්‍රේෂණ වටිනාකම් වූ ඩොලර් මිලියන 963.7 හා සැසදීමේදී එය 16.3%ක වර්ධනයක් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කළේය.
මහ බැංකු සතිපතා ආර්ථික දර්ශක වාර්තාවට අනුව 2025 පළමු මාස දෙක තුළ ලද සමස්ත ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 1,121 වේ.
2024 වර්ෂයේ දී විගමනික ශ්‍රමික ප්‍රේෂණ ඇමරිකන් ඩොලර් බිලියන 6.6 ක් වු අතර මේ වර්ෂයේ දී විගමනික ශ්‍රමික ප්‍රේෂණ ඇමරිකන් ඩොලර් බිලියන දක්වා වර්ධනය වනු ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් පුරෝකථනය කරයි.