මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයින් අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 24ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
මධ්‍යම තැපැල් හුවමාරුව ස්ථාපිත කර ඇති මහල් 8ක ගොඩනැගිල්ලේ අක්‍රීය වී ඇති විදුලි සෝපානය අලුත්වැඩියා නොකිරීමට විරෝධය පළකරමින් ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළැඹීමට තීරණය කර තිබේ.
විදුලි සෝපානය අක්‍රීය වී වසරකට ආසන්න කාලයක් ගතවුවද එය අලුත්වැඩියා නොකිරීම හේතුවෙන් තැපැල් මළු ගොඩනැගිල්ල තුළ එහා මෙහා ගෙනයාමට සේවකයින්ට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුව ඇති බව ඔවුන් පවසයි.