විදුලි සන්දේශ බද්දෙන් උපයන ලද ආදායම 2023 වර්ෂයේ ජනවාරි පළමු වැනිදා සිට සැප්තැම්බර් මස 30 වැනිදා දක්වා මාස 09 ක කාල සීමාව තුළ දී රුපියල් බිලියන 13.8 ක් දක්වා 29.4% කින් වැඩි වී ඇති බැව් මුදල් අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාවක සඳහන් වේ.
2022 වර්ෂයේ පළමු මාස 09 දී විදුලි සන්දේශ බදු ආදායම රුපියල් බිලියන 10.7 ක් විය. 2022 වසරේ ජූලි මස පළමු වැනි දා සිට බල පැවැත්වෙන පරිදි විදුලි සන්දේශ බදු අනුපාතය 11.25% සිට 15% දක්වා සංශෝධනය කිරීම මීට එක් හේතුවක් ව තිබූ බව එම වාර්තාවේ සඳහන් වේ.
කෙසේ වුවද රටේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් භාවිත කරනු ලබන ස්ථාවර හා ජංගම දුරකථන සංඛ්‍යාව 2023 වර්ෂයේ ජනවාරි 01 වනදා සිට ජූලි මස 30 දක්වා කාලයේ දී පිළිවෙළින් 19.4%කින් හා 5.3% කින් පහත වැටී ඇත.එමෙන් ම ජංගම අන්තර්ජාල සම්බන්ධතා ඇතුළු අන්තර්ජාල ග්රාහකයන් සංඛ්‍යාව 2023 වර්ෂයේ පළමු මාස 06 දී මිලියන 21.9 ක් දක්වා 1.0% කින් පහත වැටී ඇති බවද මෙම වාර්තාවෙහි සඳහන්වේ.
2022 වර්ෂයේ පළමු මාස 09 (ජනවාරි 01 වන දා සිට සැප්තැම්බර් 30) කාල සීමාවේ දී මෙරට පුද්ගලයන් 100 කට ජංගම දුරකථන හා වෙනත් දුරකථන 146.9 ක් පැවති අතර 2023 වර්ෂයේ ජනවාරි පළමු වන දා සිට සැප්තැම්බර් 30 දක්වා කාල සීමාවේ දී පුද්ගලයන් 100 කට ඇති ජංගම හා වෙනත් දුරකථන සංඛ්‍යාව 137 දක්වා 6.8% කින් අඩු වී ඇති බව නිකුත් කරන ලද රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාවේ සඳහන් වේ.
චන්දන සමරවික්‍රම