විදුලි බිල හා ඉන්ධන මිල අඩු කිරීමට කටයුතු කරන බවත් ඒ සඳහා රජයට කාලයක් ලබා දෙන ලෙසත් ජනපති අනුර කුමාර දිසානායක මහතා පැවැසිය. දඹුල්ලේදී ඊයේ පැවැති ජන හමුවක් අමතමින් ඔහු මේ බව කීය.
විදුලි බිල සියයට 30ක පමණ ප්රතිශතයකින් පහළ දමන බවද ඔහු කිවේය. එසේම වසරක් වැනි කාලයක් තුළ විදුලි බල ක්ෂේත්රයේ විශාල පරිවර්තනයක් කරන බවද ඔහු මෙහිදි පැවැසිය.