විදුලි බිල්පත් ගෙවීමේ දී නිවැරදිම බිල්පත වන්නේ අවසානයට නිකුත් කර ඇති බිල්පත වන බවත් එය නිකුත් කර තිබෙන්නේ පාරිභෝගිකයින් පාවිච්චි කරන ලද විදුලි ඒකක ගණන සඳහා පමණක් බවත් එම අවසන් බිල වාරික කිහිපයකින් ගෙවීමට අවස්ථාව සලසා දි ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
විදුලි බිල්පත් සම්බන්ධයෙන් යම් ගැටලුකාරි තත්ත්වයක් පවතින්නේ ද යන්න සම්බන්ධව අද දින (17) පැවැති අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවේ දී ජනාධිපතිතුමන් විමසූ බවත්, ඒ සම්බන්ධව ලංකා විදුලි බල මණ්ඩලය විසින් කරුණු පැහැදිලි කළ යුතු බවත් විදුලිබල බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකා විදුලි බල මණ්ඩලයට උපදෙස් දෙනු ලැබීය.
ඒ අනුව අද දින (17) පැවැති මාධ්‍ය සාකච්ඡාවේ දි කරුණු පැහැදිළි කළ ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා කියා සිටියේ කොවිඩ් 19න් පසුව ඇති වු තත්ත්වය නිසා නිවැරදිවම බිල්පත වන්නේ අවසානයට නිකුත් කරන ලද බිල්පත බවයි.
ලංකා විදුලි බල මණ්ඩලය විසින් විදුලි පාරිභෝගිකයින්හට ලබා දෙන සහන ඒකක කප්පාදුවක් කිසි සේත්ම කර නොමැති අතර ඒකක 30 සහන ඒකක ලබා දීම එලෙසින්ම ක්‍රියාත්මකය.
මාස දෙකක බිල්පතක් එක්වර ලබාදීමේ දී එය ඒකක 60ක් වශයෙන් සලකා කටයුතු කර තිබෙන බවත් අවධාරණය කළේය.
නමුත් කොවිඩ් 19 ඇදිරි නීතිය බලපැවැත්වු කාල සීමාව තුළ ගෘහස්ථ විදුලි පාරිභෝජනය පෙබරවාරි මාසයට සාපේක්ෂව ඉහළ ගොස් තිබෙන්නේ පවුලේ සියලු සාමාජිකයින් නිවස තුළ රැඳි සිටි බැවින් විදුලි උපකරණ ක්‍රියාත්මක කිරීම ඉහළ ගොස් ඇති බැවිනි.
කිසියම් අයෙකුට පෙබරවාරි මාසයේ බිලට වඩා වැඩි අගයක් සහිත බිලක් ලැබි තිබෙන්නේ එබැවින් වන අතර එම බිල්පත වාරික කිහිපයකින් ගෙවීමට අවස්ථාව සලසන ලද බව ද සභාපතිවරයා ප්‍රකාශ කළේය.
එමනිසා විදුලි බිල්පත වාරික වශයෙන් ගෙවීමට කටයුතු කළද කිසිසේත්ම කිසිදු නිවෙසක විදුලිය විසන්ධි කිරීමක් සිදු කෙරෙන්නේ නැත. මෙම කාරණය සැලකිල්ලට ගනිමින් විදුලි බිල්පත එක්වර නොගෙව්වත් කිසිදු අයුරකින් හෝ විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකා විදුලි බල මණ්ඩලයට උපදෙස් දෙනු ලැබීය.
කොවිඩ් 19 නිසා බොහෝ ව්‍යාපාරික ආයතනවල ආදායම් තත්ත්වය පහළ ගොස් ඇති බැවින් විදුලි බිල්පත් ගෙවීමට පවා ඇතැම් අයට ආදායම් මාර්ග නොමැත. එම නිසා කිසිදු විදුලි විසන්ධි කිරිමක් සිදු නොකරන නමුත් තමන් පාරිභෝජනය කළ විදුලියට අදාල බිල්පත් ගෙවීම රටේ සියලු පුරවැසියන්ගේ වගකීමක් බව ද ලංකා විදුලි බල මණ්ඩලය පෙන්වා දුන්නේය.
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_e4641f5292.jpg)