විදුලිය ගාස්තු සියයට 66 කින් වැඩි කිරීමට මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය හිමි වූ බව විදුලිබල මණ්ඩලය පවසයි.
ඒ අනුව විදුලිය ගාස්තු වැඩිවීම අද (15) සිට ක්රියාත්මක වන බව ද මණ්ඩලය සඳහන් කරයි. විදුලිය ගාස්තු සියයට 66 කින් ඉහළ දැමීමට මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයන් තිදෙනෙකු ඊයේ (14) අනුමැතිය දී ඇත.
මෙම යෝජනාවට කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා විරුද්ධත්වය ප්රකාශ කර ඇති අතර සෙසු සාමාජිකයන් තිදෙනකු ඒ සඳහා එකඟතාව පළකිරීම හේතුවෙන් එම යෝජනාව බහුතර එකඟතාව මත සම්මත වී ඇත.