දැනට වසරකට දෙවරක් ලෙස සිදුකරනු ලබන විදුලි ගාස්තු සංශෝධනය මාස තුනකට වරක් සිදුකිරීමට කැබිනට් අනුමැතැයි ලැබි තිබේ.
විදුලි ගාස්තු සංශෝධනය කිරීමේදී මාස හයකට වරක් එය සිදු කිරිම හේතුවෙන් ජතාවට සිදුවන අපහසුතාව සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බව රජයේ ප්‍රවෘතිති දෙපාර්තතමේන්තුව පවසයි.
මීට අමතරව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව ජල විදුලි පුරෝකතනය ශක්තිමත් කිරීමටත් හැකිවන පරිදි පොදු ප්‍රතිපත්ති මාර්ගෝපදේශ සංශෝධනය කිරීමටත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.