විදුලි ගාස්තු සංශෝධනය කිරීම සඳහා වූ යෝජනාව අද (06දා) විදුලිබල ක්ෂේත්‍ර නියාමක වෙත යොමු කිරීමට නියමිතය. සියලු ගණන් බැලීම් සිදු කර, පාරිභෝගිකයාට සාධාරණ ගාස්තු සංශෝධනයක් ඉදිරිපත් කිරීමට නියමිත බවද විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.
විදුලිබල මණ්ඩලය පවසන්නේ 2025 වසරේ මුල් මාස 6 පිළිබඳව සලකා 2025.01.01 දින සිට බලපැවැත්වෙන පරිදි ගාස්තු සංශෝධනය සඳහා යෝජනාව ඉදිරිපත් කරන බවයි.
2025 වසර සඳහා නව යෝජනාව ඉදිරිපත් කිරීමට ලංවීමට ප්‍රමාණවත් කාලයක් අවශ්‍ය බවත්, වියදම් ඇස්තමේන්තු කිරීම හා ගාස්තු සංශෝධන ඉදිරිපත් කිරීම සිදුකර පාරිභෝගිකයන් වෙත වඩාත් සාධාරණ ගාස්තු සංශෝධනයක් ඉදිරිපත් කරන බවත් ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.