මේ වර්ෂයට අදාළ දෙවැනි විදුලි ගාස්තු සංශෝධනය සඳහා මහජන අදහස් විමසීම අද(09දා) සිදුකරන බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරයි.
මේ අනුව මහජන උපදේශනයේ වාචික අදහස් ලබාගැනීම අද පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී සිදුවේ.
මහජන අදහස් විමසීම අවසන් වූ පසු, කොමිෂන් සභාව මේ මස 15 වැනි දින විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ අවසාන තීරණය ප්‍රකාශයට පත් කිරිමට සැලසුම් කර තිබේ.