ඉදිරියේදී විදුලි ගාස්තු ඉහළ දැමීමට පාදක කර ගන්නා සාධක හා දත්ත දෝෂ සහිතව බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
විදුලි ගාස්තු සංශෝධනයට අදාළව විදුලි බල මණ්ඩලය කරුණු 04ක් ඉදිරිපත් කර තිබෙන බවත්, එහිදී දෛනික විදුලි ඉල්ලුම ගිගාවොට් 42.88ක ප්‍රමාණයක් බවට පෙන්වා දුන්නත් සැබෑ විදුලි ඉල්ලුම් 41.1ක මට්ටමේ පවතින බවත් ඒ මහතා නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන් කර තිබේ.
ජලවිදුලි නිෂ්පාදනය අඩු මට්ටමක පවතින බවට පෙන්වා දුන්නත්, සමස්ත ජලමුලාශවල ජල මට්ටම 63%ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවත්, ගල් අඟුරු මිල වැඩිවන බවට පෙන්වා දුන්නද, ගල් අඟුරු මිලත් අඩු වී තිබෙන බවත් එම නිවේදනය මගින් පෙන්වාදී ඇත.
මේ වසරේදී විදුලිබල මණ්ඩලය පාඩු ලබන බවට පෙන්වාදී තිබුණද, මේ වසර තුළදී රුපියල් බිලියන විස්සක ලාභයක් ලබන බවට අනුමාන කළ හැකි බවත්, මේ නිසා විදුලි බිල වැඩි කිරීම සඳහා ඉදිරිපත් කළ සාධක මේ වනවිට වලංගු නොමැති බවද අදාළ නිවේදනයේ සඳහන් කර තිබේ.
මේ නිසා හදිසියේ විදුලි බිල ඉහළ දැමීමට ඉදිරිපත් කර තිබෙන යෝජනාව ප්‍රතික්ෂේප කළ යුතු බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.