විදුලි කප්පාදුවක් සිදු නොකිරීමටත්, නිශ්චිත සැලසුමක් යටතේ සමනල වැව ජලාශයෙන් විදුලිය නිපදවීමට ජලය නිකුත් කිරීමටත් අද පැවැති කැබිනට් රැස්වීමේදී තීරණය කර තිබේ.
මේ අනුව උඩවලව ජලාශයේ ජලය හිඟවීමෙන් වගාවන්ට සිදුවන හානිය අවම කර ගැනීමට අවශ්‍ය ජලයත් ගොවීන්ට ලැබෙනු ඇත.
මේ අනුව ,
1) අගෝස්තු 8 සිට 10 දක්වා - සමනල වැවෙන් දිනකට ජලය කියුබික් මීටර් මිලියන 3.5 MCM මුදා හැරීමට නියමිත අතර එහිදී හැකි උපරිම ජල විදුලිය ජනනයක් සිදුකිරීමට නියමිතය.
2) 11-15 අගෝස්තු - දිනකට ජලය කියුබික් මීටර් මිලියන 2.5 MCM මුදා හැරීමටත් හැකි උපරිම ජල විදුලිය ජනනය කිරීමටත් නියමිතය
3) අගෝස්තු 16 - සමනලවැව ජලාශය විදුලිය නිපදවීම සඳහා වසා දැමීම.
අගෝස්තු 16 වැනිදා සිට සමනලවැව බලාගාරය වසා දැමීමත් සමඟ දිවයින පුරා අඛණ්ඩ විදුලිය සැපයීම වෙනුවෙන්ද පියවර කිහිපයක් ගෙන තිබේ.
1) ඒ අනුව දකුණු සම්ප්‍රේෂණ පද්ධතිය ඉදිකිරීමේඇති ගැටලුව විසඳා අගෝස්තු 20 වන විට පොල්පිටිය-හම්බන්තොට සම්ප්‍රේෂණ මාර්ගය සම්බන්ධ කිරීම.
2) අගෝස්තු 15 වන විට පවතින බලාගාරවලින් අවශ්‍ය අතිරේක විදුලිය ලබා ගැනීම.