වියළි කාලගුණ තත්වයත් සමග දෛනික විදුලි ඉල්ලුම් මේ වන ගිගාවොට් පැය 45ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවත්, වියළි කාලගුණ තත්වය නිසා ජලවිදුලි නිෂ්පාදනය අඩු වෙමින් තිබෙන බවත් විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.
පසුගිය දිනවල පැවැති වැසි තත්වය නිසා දෛනික විදුලි ඉල්ලුම ගිගාවොට් පැය 40-42 අතර ප්රමාණයක පැවති බවත්, ජලවිදුලි නිෂ්පාදනය 75% ඉක්මවා ගොස් තිබූ බවත්, මීට සාපේක්ෂව තාප විදුලි නිෂ්පාදනය 20% කට අඩු මටට්මක පැවති බවද මණ්ඩලය පෙන්වා දෙයි.
ඊයේ (24දා) උදේ 6.00න් අවසන් වූ පැය 24 ක කාලය සැලකීමෙහිදී විදුලි ඉල්ලුම ගිගාවොට් පැය 45.73 ක් වූ බවත්, එම විදුලි ප්රමාණයෙන් 50.17% ක් නිෂ්පාදනය කර තිබෙන්නේ තාප විදුලියෙන් (ඉන්ධන ගල් අඟුරු) බවත් සඳහන් කරයි.
මහා පරිමාණ ජල මූලාශ්ර ආශ්රිතව පිහිටුවා තිබෙන ජලවිදුලි බලාගාරවලින් 34.46෴ ක විදුලි ප්රමාණයක් හා කුඩා ජලමූලාශ ආශ්රිතව පිහිටුවා තිබෙන ජලවිදුලිබලාගාරවලින් 7.12% ක විදුලි ප්රමාණයක් නිෂ්පාදනය කර තිබෙන අතර ඉතිරි විදුලි ප්රමාණය පුනර්ජනනිය බලශක්ති ක්රම මගින් නිෂ්පාදනය කරගෙන තිබේ.