කොස්ගම විද්‍යාර්ථ විද්‍යාලයේ දෙවන ජන්ම සංවත්සර සැමරුම් උළෙල ලබන 19 වැනිදා පැවැත්මට කටයුතු සූදානම් කර තිබේ.
මෙම සංවත්සර උළෙල ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රසාද් සේතුංග මහතාගේ සහ හෝමාගම කලාප අධ්‍යාපන අධ්යක්ෂ හේමන්ත ගමගේ මහතාගේ සහභාගීත්වයෙන් ලබන 19 වැනිදා පෙ.ව.09ට විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
එහිදී විද්‍යාර්ථ සදහම් පූජා- ධර්ම දේශනාමය පිංකම, විද්‍යාර්ථ උත්තම රුහිරු පූජා- ලේ දන්දීමේ වැඩසටහන, විද්‍යාර්ථ පැනසර - අන්තර් පාඨශාලීය තරඟාවලිය, Step to future Vidyartha - 2024 පාගමන සහ විද්‍යාර්ථ සහෝදරත්වයේ සුරත ආදී වැඩසටහන් රැසක් පැවැත්වීමටද කටයුතු යොදා ඇත.
මීට අමතරව කොස්ගම මහා විද්‍යාලය ලෙස තිබූ පාසල් නාමය එදින සිට විද්‍යාර්ථ විද්‍යාලය ලෙස නව නාමකරණයකට ලක් කිරීමට කටයුතු යොදා තිබේ.