පුස්සැල්ලාව සරස්වතී දෙමළ මහ විදුහලේ විද්‍යාගාරයේ රාසායනික ද්‍රව්‍යයයක් අඩංගු බෝතලයක් කැඩී එහි දුමාරය ආග්රහණයවීමෙන් හුස්ම ගැනීමේ අපහසුතාවයට ලක් වු පාසල් සිසුන් පස් දෙනෙකු හා ගුරුවරුන් තිදෙනෙකු ප්‍රතිකාර සඳහා පුස්සැල්ලාව ප්‍රාදේශීය රෝහලට අද (21දා) ඇතුලත් කොට ඇතැයි පුස්සැල්ලාව පොලීසිය පවසයි.
උසස්පෙළ විද්‍යා අංශයේ ඉගෙනුම ලබන සිසුන් පිරිසක් හා ගුරුවරුන් පිරිසක් එම විදුහලේ විද්‍යාගාරයේ පරීක්ෂණයක නිරතව සිටියදී එහි තිබු රසායණික ද්‍රව්‍යයක් අඩංගු බෝතලයක් බිම වැටී පුපුරායාමෙන් මෙම අනතුර සිදුව ඇති බවට මුලික පරික්ෂණවලදී අනාවරණය වී තිබේ.
රසායණික ද්‍රව්‍ය අඩංගු බෝතලය පුපුරායාමෙන් පසුව ඇති වු දුමාරය ආග්රහණයවීමෙන් හුස්ම ගැනීමේ අපහසුතාවයට ලක්ව සිටි මෙම සිසුන් පිරිස හා ගුරුවරුන් ප්‍රතිකාර සඳහා කඩිනමින් රෝහලට ඇතුලත් කොට විදුහලේ අනෙකුත් සිසුන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට විදුහල්පතිවරයා ඇතුළු ගුරුවරු කටයුතු කර තිබේ.
ගිනි නිවන ඒකකයේ නිලධාරීන් පිරිසක්ද විදුහලට කැදවා තිබු අතර, මේ සම්බන්ධයෙන් ගම්පොල අධ්‍යාපන කාර්යාලයට දැනුම්දීමට විදුහල්පතිවරයා පියවර ගෙන තිබේ.
රෝහල් ගතකොට ප්‍රතිකාර ලබන පාසල් ළමුන්ගේ සහ ගුරුවරුන්ගේ තත්ත්වය බරපතල නොවන බවත්, එක් සිසුවෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා ගම්පොල ශික්ෂණ රෝහල වෙත මාරු කොට යවීමට පියවර ගෙන ඇති බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.
පුස්සැල්ලාව පොලීසිය විසින් මේ පිළිබඳව වැඩිදුර විමර්ශණ කටයුතුසිදු කරනු ලබයි.
ශාන් හුලංනුගේ
VIDEO