ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති ලෙස පත්වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා වැඩබලන ප්‍රධාන ලේකම් ලෙස කටයුතු කරන මන්ත්‍රී සාරථි දුෂ්මන්ත මහත්වරුන්ට එම ධූරවල කටයුතු කිරීම වළක්වාලමින් වාරණ නියෝග දෙකක් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන්විතාන මහතා අද(24) නිකුත් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජික හා අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක හා මහින්ද අමරවීර යන මහත්තුරුන් පැවරූ නඩුවක් සලකා බැලීමෙන් පසුව නිකුත් කළ මෙම වාරණයෝග ලබන මස අටවෙනි දින දක්වා ක්‍රියාත්මක වේ.
පැමිණිලිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ විත්තිකරුවන් එම ධූරයන් වලට පත්වීම නීති විරෝධී හා ව්‍යවස්ථා විරෝධී බවය.
විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙක් නොවන බවත් සාමාජිකයෙකු නොවන වෙනත් පක්ෂයක සාමාජිකයකුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිලතලයක් දැරීම ව්‍යස්ථානුකූලව නීති විරෝධී බවත් සඳහන් කළේය.