ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි සමාජිකත්වය දරමින් වෙනත් පක්ෂයක වැඩබලන සභාපති ධුරයට පත්වීමට අදාළව අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා පක්ෂයේ විනය මණ්ඩලය විසින් නිර්දේශ ඉදිරිපත් කරනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කළේය.
මේ පිළිබඳ 'අද' සිදුකළ විමසීමේදී ඔහු සඳහන් කර සිටියේ අදාළ කාරණාව පක්ෂයේ විනය මණ්ඩලයට තමන් යොමු කරන බවයි.
මේ අතර බත්තරමුල්ල, නෙළුම් මාවතෙහි පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේදී ඊයේ (22දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස කුට්ටි ආරච්චි මහතා සඳහන් කර සිටියේ වෙනත් පක්ෂයකට සම්බන්ධ වූ අවස්ථාවේදීම විජයදාස රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු සාමාජිකත්වය අහෝසි වී යන බවයි.
එසේම රාජපක්ෂ මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි කරමින් අයිතිවාසිකම්ද නතර කිරීම යෝග්‍ය වන බව ඔහු එහිදී පැවසීය.