කොවිඩ් 19 වෛයිරසය ලොව පුරා පැතිරයාමත් සමග විදේශ රැකියාවල නිරත වී සිටින විගමණික ශ්‍රමිකයින් සම්බන්ධව වහාම මැදිහත්වි කටයුතු කිරිමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවරගෙන තිබේ.
ඒ අනුව විදේශ දූත මණ්ඩල 16 ක කම්කරු සුභසාධන අංශ හා ඍජුව සම්බන්ධ වී අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා විසින් අදාල නිලධාරින්ට උපදෙස් ලබා දී තිබේ.
ඒ අනුව විදේශ දූත මණ්ඩල 16 ක කම්කරු සුභසාධන අංශ වෙත දැනටමත් කාර්යාංශයේ කම්කරු සුබසාධන අරමුදල මගින් (Workers Welfare Fund) වෙන්කොට ඇති ප්‍රතිපාදන භාවිතාකර වසංගතයෙන් පීඩාවට පත් විගමණික ශ්‍රමිකයින්ට අවශ්‍ය පහසුකම් කඩිනමින් ලබා දී තිබේ.
එම විදේශ දූත මණ්ඩල 16 ක පිහිටි කම්කරු සුභසාධන අංශ අතර අබුඩාබි, බහරේන්, සයිප්‍රස්, ඩුබායි, ඊශ්‍රායෙල්, ජෝර්ඩාන්, කුවේට්, ලෙබනන් අයත්වේ. එසේම මැලේසියා, ඕමාන්, මාලදිවයින්, කටාර්, රියාද්, දකුණු කොරියාව හා සිංගප්පූරුවද ඊට අයත්වේ.
මෙයට අමතරව කම්කරු සුබසාධන අරමුදල තවත් ශක්තිමත් කිරිම සදහා, විදේශ සබදතා,නිපුණතා සංවර්ධන,රැකීරක්ෂා හා කම්කරු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ගත් තීරණයකට අනුව කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා හා කාර්යාංශයේ අධ්යක්ෂ මණ්ඩලයට උපදෙස් ලබාදී ඇත්තේ තවත් රුපියල් මිලියන අටක (මිලියන 8) ප්‍රතිපාදන අදාල විදේශ දූත මණ්ඩල 16 ක කම්කරු සුභසාධන අංශ වෙත වහාම ලබාදෙන ලෙසය. එමගින් මෙම වසංගත තත්වය මත විගමණික ශ්‍රමිකයින්ගේ දැනට පවතින නීතිමය තත්වය නොසලකා සහන ලබා දීමට කටයුතු කරන ලදී.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැය 24/7 පුරා ක්‍රියාත්මක 1989 ක්ෂණික දුරකථන අංකය ඔස්සේ විගමණික ශ්‍රමිකයින් සම්බන්ධව තොරතුරු ලබාගැනිමට පහසුකම් සලසා ඇති අතර එමගින් ලබාගත් තොරතුරු අදාල ශ්‍රමිකයින් සිටින රටවල තානාපති කාර්යාලවල කම්කරු සුභසාධන අංශ වෙත යොමු කොට විසදුම් ලබාදෙමින් තිබේ.
වසංගතයෙන් පීඩාවට පත් විගමණික ශ්‍රමිකයින්ට අවශ්‍ය වියලි ආහාර ලබාදීම සඳහා කම්කරු අංශ නිලධාරින්, විදේශ දූත මණ්ඩල නිලධාරින්,විවිධ සංවිධාන හා පරිත්‍යාගශීලීන් එක්ව කටයුතු කිරිම මේ වනවිටත් ආරම්භ කර තිබේ.