අප්‍රේල් මස තුන්වැනි සිකුරාදා එනම් වික්ෂෝප සිකුරාදා දින උදෑසන 11.00ට සියලුම කතෝලික දේවස්ථානවල සීනු නාදකරන්නට යෙදෙන බවත් එම අවස්ථාවේදී රාගම තේවත්ත බැසිලිකාවේදී ලංකා කතෝලික රදගුරු මණ්ඩලය සිදුකරන විශේෂ යැදුමට නිවෙස් තුල සිට එකතුවන ලෙසත් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කතෝලික ජනතාවගෙන් ඉල්ලා සිටියි.
පවතින වසංගතයෙන් ශ්‍රී ලංකාව හා ලෝක වාසී සියලුම ජනතාව ආරක්ෂා කර දෙන ලෙස ලංකා අප ස්වාමි දුවගේ මැදිහත් කම අපේක්ෂාවෙන් රාගම තේවත්ත බැසිලිකාවේදී විශේෂ යැදුමක් හා විශේෂ භාරයක් සිදුකිරීමට නියමිත අතර එම අවස්ථාවවේදී නිවසේ සිට ඉටිපන්දමක් හෝ පහනක් දල්වා ඒකාත්මික වන ලෙස උන්වහන්සේ ඉල්ලා සිටියි.මෙම විශේෂ මෙහෙය සජීවීව රෑපවාහිනී මාධ්‍ය ඔස්සේ විකාශය කිරීමටද නියමිතය