කළුතර නාගොඩ ගල්අස්හේන ළමා සහ මාතෘ රෝහල ඉදිරිපිට මාර්ගයේ වැසි ජලය බැස නොයාම හේතුවෙන් රෝහල් කාර්ය මණ්ඩලය, අවට ජනතාව මෙන්ම මගී ජනතාවද අපහසු තාවයට ලක්ව ඇති බවට ඔවුහූ චෝදනා නගති.
මේ හේතුවෙන් රෝහලට පැමිණෙන බොහෝ පිරිසකට විකල්ප මාර්ගයක් නොමැති බැවින් නිසි විසදුමක් කඩිනමින් ලබාදෙන ලෙස ඔවුහූ ඉල්ලා සිටී.
මේ පිළිබඳ අදහස් දැක්වූ කළුතර මහ නගර සභාවේ උසස් නිළධාරිනියක සදහන් කලේ බෝක්කුවක් සිරවී ඇති බවත් ඉදිරි දින කිහිපය තුල විසදුමක් ලබාදෙන බවයි. ( I J)
සුමිත් පොතුපිටිය