රජරට පළාතට මේ දින වල පවතින වැසි සහිත කාල ගුණ තත්ත්වයත් සමග සේනා දළඹු උවදුර උස්සන්න වීමේ අවදානමක් ඇති බව උතුරු මැද පළාත් කෘෂිකර්ම අධ්යක්ෂ ආචාර්ය බුද්ධික අබේසිංහ මහතා ප්‍රකාශ කරයි.
මේ වන විට වැඩි වශයෙන් මෙම සේනා දළඹූ උවදුර නිසා පීඩාවට පත් ගොවීන් සහ වගාවන් අනුරාධපුර ඇලැයාපත්තුව ප්‍රදේශයේ දක්නට ඇති අතර, මෙහිදී අදහස් දක්වමින් කෘෂිකර් අධ්යක්ෂ ආචාර්ය බුද්ධික අබේසිංහ මහතා කියා සිටියේ මෙම දළඹු රෝගය ව්‍යාප්ත වීමට පෙර තම ප්‍රදේශයේ කෘෂිකර්ම උපදේශකවරයා දැනුවත් කර මෙම දළඹු රෝගය මැඩ පවත්වා ගැනීමට අවශ්‍ය උපදෙස් කඩිනමින් ලබා ගන්නා ලෙසයි.



