සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත්බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
එම දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ ස හදකුණු පළාත්වල විටින් විට වැසි ඇතිවෙන බවයි.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවද එම නිවේදනයේ දැක්වෙයි.
ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවද එම දෙපාර්තතමේන්තුව පෙන්වා දෙයි.
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු මැද, බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වලත් ත්‍රීකුණාමලය සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (50-60) ක පමණ තද සුළංඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.