වැලිවේරිය පොලිස් බල ප්රදේශයට අයත් අරලියගස් හන්දිය අසලදී ඊයේ (13) රාත්රී 8.30 ට පමණ වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලීසිය සදහන් කරයි.
මෝටර් රථයකින් ගමන් ගනිමින් සිටි පුද්ගලයෙකු මෙලෙස වෙඩි ප්රහාරයට ලක්ව ඇති බවත් මොහු උඩුගම්පොළ ප්රදේශයේ පදිංචි කරුවෙකු බවත් ආරංචි මාර්ග පවසයි.
සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයා ගම්පහ දිස්ත්රික් මහ රෝහලෙහි ප්රතිකාර ලබන බවත් ඔහුගේ අතකට වෙඩි වැදී ඇති බවත් රෝහල් ප්රකාශකයෙකු පැවසීය.
මේ සම්බන්ධයෙන් වැලිවේරිය පොලීසිය පරීක්ෂණ අරඹා තිබිණි.
■ ගම්පහ - තිලකරත්න දිසානායක.