බලංගොඩ වැලිගෙපල පැරණි නගරයක් පිලිබදය තොරතුරු වැලිගෙපල නගරයට යාබද ප්‍රදේශයකින් සොයා ගැනීමට වැලිගෙපල ප්‍රාදේශිය ලේකම් අනුරාද ජයකොඩි මහතා ඇතුලු පිරිසකට හැකිවිය.
ඊයේ (25) වැලිගෙපල ග්‍රාම නිලධාරි වසමේ සුවදනෙලුම්ගම ආශිත ප්‍රදේශයේ දි මේ තොරතුරු හමුවිය.කටාරම් කෙටුු සහ නොකෙටු ගල්ගුහා දහයක් ,පතුල නොපෙනෙන කිසිදා නොසිදුන ලිදක් මේ අතර තිබු අතර 1995 වසරේ ද මේ ප්‍රදේශයෙන් පුරාණ ජල මාර්ගයක් හමු වී තිබේ.
වැලිගෙපල නම සැදීමට ජනප්රවාදයක්ව පැවැති වැද්දි ගෙ ගෙපල වැලිගෙපල කියන පුරාන වැදි ජනපදය මෙය වියහැකියැයි බොහෝ දෙනා මත පලකරන අතර මේ පිළිබදව වැලිගෙපල ප්‍රාදේශිය ලේකම් අනුරාද ජයකොඩි මහතා සදහන් කලේ ,
මේ ආශිත ජනප්‍රවාද රාශියක් තියනවා.අප කොට්ඨාශයෙම පුරා විද්‍යාත්මකව තහවුරු කල ඓතිහාසික ස්ථාන රැසක් තියනවා..මේ ස්ථානය පිළිබදව මට මතයක් කියන්න බැහැ.නමුත් මම මේ පිලිබදව පුරා විද්‍යා නිළධාරින්ගෙ අවධානය යොමුකරනවා එයාල නිසි කැනීමක් කරල තිබෙන තත්වය මහජනතාවට දැනුම් දේ වි.
පිංතුර හා සටහන බලංගොඩ අරුණ දිසානායක