වැලිගම පොලිස් වසමේ කප්පරතොට, ඇවරිවත්ත ප්‍ර දේශයේ කුඩා ප්‍රමාණයේ සංචාරක හෝටලයක සිදුවූ පිපිරීම අධි බලැති හෝ වෙනත් පුපුරණ ද්‍රව්‍යයක් නිසා සිදුවූවක් නොවන බවට රජයේ රස පරීක්ෂක තහවුරු කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කරයි.
මෙම පිපිරිමට හේතුව නිවාස වල භාවිතයට ගන්නා එල්.පී. ගෑස් කාන්දුවක් බවටද රජයේ රස පරීක්ෂක සඳහන් කර ඇති බවත් වැලිගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවැසීය.