වැලිගම කප්පරතොට බණ්ඩරවත්ත ප්රදේශයේ සංචාරක හෝටලයක අද (04දා) අලුයම ඇතිවු පිපිරීමකින් තිදෙනෙක් තුවාල ලබා ඇතැයි වැලිගම පොලිසිය පවසයි.
මෙම සංචාරක හෝටලය මැතකදි ඉදිකරන ලද එකක් වන අතර පිපිරිමත් සමග ඇතිවු ගින්නෙන් එහි සිටි පියා සහ පුතුන් දෙදෙනකු තුවාල ලබා ඇත.
සිද්ධිය වාර්තාවිමත් සමග පොලීසිය පැමිණ ප්රදේශවාසිනගේද සහාය ඇතිව ගින්න නිවා දැමීමට පියවර ගෙන ඇති අතර මෙම පිපිරීම කුමකින් සිදුවී ඇතිදැයි අනාවරණය කරගැනීම සඳහා පොලීසිය විසින් පරීක්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.
ගාල්ල රවිදු දීයගහගේ
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_62b786099c.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_f9443c69af.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_0a9f90ae49.jpg)